020
ප්රශ්නය
හිසරදය සඳහා මම පැනඩෝල් (පැරසිටමෝල්) පෙති දෙකක් පානය කළෙමි. එම බෙහෙත මාසයකට පමණ පෙර කල් ඉකුත් වී ඇති බව පසුව මම දැනගත්තෙමි. එය පෙත්ත පරිභෝජනය කර දින දෙකකට පසුව ද මට අසාමාන්‍ය දෙයක් දැනුනේ නැත. මෙය මගේ සෞඛ්‍යයට අහිතකරද? අවශ්‍ය නම් මෑතකදී කල් ඉකුත් වූ ඖෂධයක් භාවිතා කිරීම ආරක්ෂිත ද?
පිළිතුර
සාමාන්‍යයෙන් ඖෂධ ද්‍රව්‍යවලට සීමිත ආයු කාලයක් ඇත. මෙය කල් ඉකුත් වීමේ දිනය ලෙස ඖෂධ ඇසුරුම්වල සලකුණු කෙරේ. ඊට පසු ඒවායේ කාර්යක්ෂමතාවය අඩු වේ. බොහෝ ඖෂධවල ආයු කාලය මාස 12 සිට 60 දක්වා වේ. කල් ඉකුත් වීමේ දිනයට එහා ගිය ඖෂධ ඉවත දැමිය යුතුය.
කල් ඉකුත් වූ දිනට පසුව ඖෂධය විෂ වන බව පොදු ජනයා විශ්වාස කරයි. නමුත් මෙතෙක් විෂ වන බවට වාර්තාවී ඇති එකම ඖෂදය වන්නේ පැරණි ටෙට්‍රාසයික්ලින් (ප්‍රතිජීවක ඖෂධයක්) වර්ගයක් පමණි. එම ඖෂධය දැන් වෙළඳපොලේ නොමැත. අනෙක් සියලුම ඖෂධවල කල් ඉකුත්වීමෙන් පසුව සිදුවන්නේ කාර්යක්ෂමතාවය අඩාල වීමක් පමණි. මෙම කාර්යක්ෂමතාවය අඩාල වීමේ අනුපාතය එක් එක් ඖෂධ අතර බෙහෙවින් වෙනස් වේ.
වසරයක් පමණ කල් ඉකුත් වූ ඖෂධ 3000 ක කාර්යක්ෂමතාවය තීරණය කිරීම සඳහා එක්සත් ජනපදයේ අධ්‍යයනයක් සිදු කරන ලදී. එම ඖෂධවලින් 90% ක්ම 90% ක් කාර්යක්ෂමතාවයක් රඳවා පවත්වාගෙන ඇති බව සොයාගෙන තිබීම සිත්ගන්නා කරුණකි. නමුත් මෙම ඖෂධ නිසි ලෙස ගබඩා කර ඇත. තවත් අධ්‍යයනයක දී අවුරුදු 30-40 කට පසු සිල්ලර ෆාමසියකින් සොයාගත් ඖෂධ වර්ග 8 ක් පරීක්ෂාවට ලක් කරන ලදී. ඒවා විවෘත නොකළ මුල් බහාලුම්වල තිබී ඇත. එම ඖෂධවලින් අඩකට ආසන්න ප්‍රමාණයක් වසර 40 කට පසුව ද සම්පූර්ණයෙන්ම ඵලදායී බව සොයා ගන්නා ලදී. නමුත් බහුලව භාවිතා වන ඖෂධ දෙකක්; පැරසිටමෝල් (පැනඩෝල්) සහ ඇස්පිරින් සැලකිය යුතු ලෙස අක්‍රිය වී ඇති බව සොයා ගන්නා ලදී.
දියර වර්ගයේ ඖෂධ සාමාන්‍යයෙන් දිගු කාලයක් ගබඩා කළ නොහැක. ඒවායේ බහාලුම විවෘත කළහොත් සති කිහිපයක් ඇතුළත ඒවා ඉවත් කළ යුතුය. ඒවා කැටි වීමට හෝ එකතැන පල්වීමට හැකිය. අක්ෂි / කණ / නාසය බිංදු සහ වෙනත් ද්‍රව සඳහා බහාලුම විවෘත කළ දින සිට සති 4-8 අතර කාලයක් භාවිතා කළ හැකිය. නොපැහැදිලි-පැහැ ගැන්වූ හෝ වෙනත් දුර්වර්ණ වූ ද්‍රව භාවිතා නොකළ යුතුය. සෑම ඖෂධ ඇසුරුමක් සමඟම එන නිෂ්පාදකයාගේ උපදෙස් ලේබලය නිතරම කියවන්න.
ඉහත සඳහන් ප්රශ්නෙයේදී, පුද්ගලයෙක් මාසයක් කල් ඉකුත් වූ පැරසිටමෝල් පෙති දෙකක් පරිභෝජනය කළ ඇත. එය ඔහුට හානියක් වන්නට ඇතැයි සිතිය නොහැක. නමුත් එය ඔහුගේ අසනීපයට සම්පූර්ණ සහනයක් ලබා දී ඇතැයි සිතීමට නොහැක.
Author: Suhail
References
- 2015. “Drugs Past Their Expiration Date.” The Medical Letter. December 07. Accessed August 09, 2020. http://svmi.web.ve/wh/documentos/Drugs-Past-Their-Expiration-Date.pdf.
- GW, Frimpter, Timpanelli AE, Eisenmenger WJ, Stein HS, and Ehrlich LI. 1963. “Reversible “Fanconi Syndrome” Caused by Degraded Tetracycline.” JAMA 184 (2): 111-113. doi:10.1001/jama.1963.03700150065010.
- L, Cantrell, Suchard JR, Wu A, and Gerona RR. 2012. “Stability of Active Ingredients in Long-Expired Prescription Medications.” Arch Intern Med 172 (21): 1685?1687. doi:10.1001/archinternmed.2012.4501.
- Lyon, Robbe C, Jeb S Taylor, Donna A Porter, Hullahalli R Prasanna, and Ajaz S Hussain. 2006. “Stability profiles of drug products extended beyond labeled expiration dates.” Journal of Pharmaceutical Sciences 95 (7): 1549-1560. doi:10.1002/jps.20636.